English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතන  : මුල් පිටුව අප ගැන විශේෂ ඒකක
විශේෂ ඒකක

මත්ද්‍රව්‍ය නාශක අංශය
සුරාබදු මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීමේ ඒකකය වස විස අබිං හා අන්තරායකාරී ඹෘෂධ අඥාපණත යටතේ නීතිය බලාත්මක කිරීම සඳහා පිහිටුවා ඇත.

විශේෂ මෙහෙයුම් ඒකක
සුරාබදු කොමසාරිස්  ජනරාල්තුමාට ලැබෙන පැමිණිලි විමර්ශණය කිරීම හා දිවයින පුරා සුරා අපරාධ මර්ධනය කිරීමේ වගකීම මෙම ඒකක වලට පැවරී ඇත.
1.    කොළඹ ඒකකය
2.    මධ්‍යම පළාත් ඒකකය
3.    දකුණු පළාත් ඒකකය
4.    වයඹ පළාත් ඒකකය

නිෂ්පාදන මෙහෙයුම් ඒකකය

මෙම ඒකකයේ ප්‍රධාන කාර්යභාරය වනුයේ දිවයින පුරා විසිරී පවතින සියලුම ස්කාගාර, අරක්කු, බියර්, රා සහ වයින් නිෂ්පාදනාගාර වල නිෂ්පාදන කාර්යයන් අධීක්ෂණය කිරීමත්  එමගින් සුරාබදු අදායම අයකරගැනීම සහ දිවයින පුරා පිහිටි  තොග වෙළඳ බලපත්‍ර පරීක්ෂාව සහ එහි පවතින වැරදි සම්බන්ධව කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කිරීම මෙන්ම, සුරාබදු නීතියට අනුකූලව ඒවා පාලනය විය යුතු ආකාරය සම්බන්ධව දැනුවත් කිරීමත්  සහ නිරන්තර අධීක්ෂණයට එම බලපත්‍ර ස්ථාන ලක්කිරීමත්ය.

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 08 වෙනි අඟහරුවාදා, 07:01
 

අධීක්ෂණය සහ වැටලීම

දැන්වීම්

දැනට දැන්වීම් කිසිවක් නැත