English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතන  : මුල් පිටුව
දකුණේ නීති විරෝධී මත්පැන් ස්කාගාර 4 ක් සුරාබදු දෙපාර්තමේන්තුව කොටු කර ගනී
2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 21:21

දකුණු පළාතේ  ප්‍රදේශ රැසකට නීතිවිරෝධී මත්පැන් බෙදාහැරි මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 4 ක් වටලා රුපියල් ලක්ෂ 05 කට ආසන්න නීති විරෝධී මත්පැන් තොගයක් සුරාබදු  බාරයට ගැනීමට තංගල්ල සුරාබදු නිලධාරීන් මැතකදී සමත්විය.

බලපත්‍ර නොමැතිව බියර් අලෙවිකළ ආපනශාලා 07 ක්ද මෙහිදී වැටලූ බව තංගල්ල සුරාබදු ස්ථානාධිපති ධීර ගුණසේකර මහතා පැවසීය.

මෙම මත්පැන් ජාවාරම්වලට නායකත්වය දුන්  සැකකරුවන් 16 දෙනකුද සුරාබදු නිලධාරීන් විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ස්ප්‍රීතු මිලිලීටර් 17000 ක් ගෝඩා මිලිලීටර් 580000ක් බැරල් 15 ක් ඇතුලු තඹ දඟර තොගයක්  මෙහිදී සොයාගෙන ඇත. තංගල්ල, හකුරුවෙල, වලස්මුල්ල, අඟුණකොළපැලැස්ස, පුස්වැව ආදී ප්‍රදේශවල මෙම වැටලීම් කර ඇත. සැකකරුවන්  තංගල්ල, වලස්මුල්ල, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් බී.ඒ. දයාරත්න, සුරාබදු අධිකාරී විජිත ගමනායක, යන මහත්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය මත ස්ථානාධිපති ධීර ගුණසේකර මහතාගේ  මෙහෙයවීමෙන් පරීක්ෂක එච්.කේ දේශප්‍රිය නියාමකවරුන් වන සමරනායක, අරනායක, ජයවර්ධන, ඉන්දික, හර්ෂ, වනිගසේකර හා සුරාබදු රියදුරු පලිහවඩන යන නිලධාරීන් මෙම වැටලීමට සහභාගී වී ඇත.

 

අධීක්ෂණය සහ වැටලීම

දැන්වීම්

දැනට දැන්වීම් කිසිවක් නැත