English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතන  : මුල් පිටුව
බලපිටිය මාදු ග‍ඟේ දූපත් ආශ්‍රිත කසිප්පු තිප්පොළවල් 6 ක් වටලති
2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 22:21

බලපිටිය මාදු ග‍ඟේ දූපත් ආශ්‍රිතව දීර්ඝ කාලයක තිස්සේ පවත්වාගෙන ගිය කසිප්පු පෙරීමේ ස්ථාන 6ක් වටලා රුපියල් ලක්ෂ ගණන් වටිනා  කසිප්පු සහ පෙරීමේ උපකරණ තොගයක් සමග සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීහු සමත් වූහ.

රු. 110000 ක් පමණ වටිනා ස්ප්‍රීතු, රු. 230000 ක් පමණ වටිනා ගෝඩා, රු. 200000 ක් පමණ වටිනා පෙරීමේ කට්ටල 6ක්ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

කඩොලාන කැපීම නිසා විහාල පාරිසරික හානියක් සිදුව ඇති අතර උණු ගෝඩා ගඟට දැමීම නිසා මත්ස්‍ය සම්පත විනාශවීමට පටන් ගෙන ඇතයි සුරාබදු නිලධාරීහු පවසයි.

දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් බී.ඒ. දයාරත්න, ගාල්ල  සුරාබදු අධිකාරී  එම්.ඩබ්.ඩී කුලතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගාල්ල සුරාබදු ස්ථානාධිපති  ස්මිත් චන්ද්‍ර කුමාර, පරීක්ෂක වරුන් වන  මෙන්ඩිස්, බන්දුසේන, ධම්මික, නයනප්‍රිය, සේනාධිර සැරයන් මේජර් රත්නපාල, නියාමකවරුන් වන  සඳරුවන්, මාධව, නුවන්, ක්‍රිෂාන්ත, ඉන්දික, සිසිර, විලදාස හා රියදුරු ජිනේන්ද්‍ර  යන නිලධාරීන් මෙම වැටලීමට සහභාගී වී ඇත

 

අධීක්ෂණය සහ වැටලීම

දැන්වීම්

දැනට දැන්වීම් කිසිවක් නැත