කාර්යයන්
- සුරාබදු බලපත්‍රලාභී සියලුම පරිශ්‍රයන් අධීක්ෂණය කිරීම, පාලනය කිරීම සහ ඉන් ලැබෙන ආදායම් එකතු කිරීම.
- සුරාබදු ආඥාපනත , දුම්කොළ බදු පනත කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම.
- වස විෂ, අබිං හා අන්තරාදායක ඖෂධ ආඥාපනත සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් ලෙස ක්‍රියා කිරීම.
- ජාතියේ සමාජ ආරක්ෂාව සඳහා ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරිය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම.
- ශ්‍රී ලංකාවේ පොලිස්, රේගු හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි වෙනත් නීති ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම.
- නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට එරෙහිව ආයතනික වැඩසටහන් හරහා දැනුවත් කිරීම හා නීති විරෝධී මත්පැන් හා අන්තරායකර ඖෂධවල හානිය පිළිබඳ සිසුන් හා ප්‍රජාව දැනුවත් කිරීම.
- 2008 අංක 01 දරණ මත්ද්‍රව්‍ය හා මනෝවර්තක මත්ද්‍රව්‍යවල නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි සම්මුතිය ක්‍රියාත්මක කිරීම.
- සැලසුම් කල වර්ෂය තුළ සියලුම මට්ටමේ සේවකයන් සඳහා පුහුණුව ලබා දීම.
- රැස්වීම්, සාකච්ඡා සඳහා සියලුම පාර්ශවකරුවන් සමඟ ක්‍රියාකාරී සහභාගිත්වය.