inner banner new 2019

සුරාබද්දට යටත් ද්‍රව්‍ය යනු මොනවාද?

සුරාබදු ආඥා පනතෙහි සුරාබද්දට යටත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලබා දී ඇති නිර්වචනයට අනුව සුරාබද්දට යටත් ද්‍රව්‍ය යනුවෙන් හදුන්වනු ලබන්නේත් එයට ඇතුළත් වනු ලබන්නේත් එම පණතින් හදුන්වා දී ඇති ඕනෑම මත්පැන් වර්ගයක් වේ.

මත්පැන් යනු මොනවාද?

සුරාබදු ආඥා පනතෙහි දක්වා ඇති නිර්වචනයට අනුව මත්පැන් යන්නට වයින් ස්ප්‍රීතු, ස්ප්‍රීතු, මුද්‍රික පානය හෙවත් වයින්, රා, බීර යන මේවා ද මධ්‍යසාර සහිත වූ හෝ එය අන්තර්ගත වූ සියළුම ද්‍රව වර්ග ඇතුළත් වේ. තවද සුරාබදු ආඥා පනතේ කාර්යයන් සදහා විෂය භාර අමාත්‍යවරයා විසින් නිවේදනයක් මගින් මත්පැන් යනුවෙන් ප්‍රකාශයට පත් කරනු ලබන යම් ද්‍රව්‍යයක් වෙතොත් එයද මීට ඇතුළත් වේ. .

සුරාබදු ආඥා පනතෙහි විෂය පථය කුමක්ද?

සුරාබදු ආඥා පනතෙහි විෂය පථය වන්නේ මත්පැන් වර්ග මෙරටට ආනයනය, මෙරටින් අපනයනය, මෙරට තුළ නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබාගැනීම හා විකිණීම යන සය විධ පියවරයන්ගෙන් සමන්විත වන්නා වූ සමස්ත මත්පැන් සැපයුම් දාමය හා ඒ ආශ්‍රිත බදු ආදායම් කළමනාකරණය, නීති ක්‍රියාත්මක කිරීම් හා සමාජ ආරක්ෂණ ක්‍රියාදාමයන් වේ.

මත්පැන් බලපත්‍ර ඉල්ලුම්පතකට කොතරම් වැය වේද?

සුරාබදු ආඥා පනතෙහි 4 වන වගන්තිය මගින් පවරා දී ඇති බලතල ප්‍රකාරව එම පනතට අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් කිසියම් මත්පැනක් සම්බන්ධයෙන් සිල්ලරට විකිණීමේ උපරිම සීමාවක් පැනවිය හැකිය. එවිට ඒ සදහා ලබාගත් වලංගු බලපත්‍රයකින් තොරව එකී සිල්ලරට විකිණීමේ උපරිම සීමාව ඉක්මවා අදාළ මත්පැන් වර්ගය සිල්ලරට විකිණීම, ප්‍රවාහනය කිරීම නැතහොත් සන්තකයේ තබාගැනීම සුරාබදු පනත යටතේ දඩුවම් ලැබිය පැමිණ විය හැකි වරදක් වේ. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ බලපැවැත්වෙන පරිදි මත්පැන් වර්ග සිල්ලරට විකිණීමේ උපරිම සීමාවන් පහත දැක්වේ. 


අදාළ සුරාබදු නිවේදන අංකය මත්පැන් වර්ගය සීමාව
745 රා 1.5 Litres
781 අරක්කු 7.5 Litres
985 විදේශීය මත්පැන් 7.5 Litres
510 & 985 ධාන්‍ය මත්පැන් (බියර්) 7.5 Litres

මත්පැන් වර්ග ළඟතබාගැනීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් යම් සිමාවන් පවතීද?

කිසියම් මත්පැන් වර්ගයක් සන්තකයේ තබාගැනීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධ සීමාව එකී මත්පැන් සිල්ලරට විකිණීමේ උපරිම සීමාව හා බැදී පවතී. ඒ අනුව යම් මත්පැනක් ඒ සදහා ලබාගත් වලංගු බලපත්‍රයක් නොමැතිව සිල්ලරට විකිණීමේ උපරිම සීමාව ඉක්මවා සන්තකයේ තබාගැනීම නැතහොත් ප්‍රවාහනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව ඒ සදහා ලබාගත් වලංගු අවසර පත්‍රයකින් තොරව ඒ ඒ මත්පැන් වර්ග  සන්තකයේ තබාගැනීම නැතහොත් ප්‍රවාහනය කිරීම කල හැකි උපරිම සීමාවන් පහත දැක්වේ.

අදාළ සුරාබදු නිවේදන අංකයමත්පැන් වර්ගයසීමාව
745 රා ලිටර් 1.5
781 අරක්කු ලීටර් 7.5
985 විදේශීය මත්පැන් ලීටර් 7.5
510 හා 985 ධාන්‍ය මත්පැන් (බියර්) ලිටර් 7.5

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන මත්පැන් විකිණීම හා මත්පැන් නිෂ්පාදනය සඳහා වූ විවිධ සුරාබදු බලපත්‍ර වර්ග මොනවාද?

අනු අංකය බලපත්‍ර වර්ගය බලපත්‍රයේ නම
1 ර.බි.1 ධාන්‍ය මත්පැන් නිෂ්පාදනය සදහා බලපත්‍රය
2 ර.බි.1ඒ මෙරට සෑදූ විදේශීය මත්පැන් නිෂ්පාදනය සදහා බලපත්‍රය
3 ර.බි.1බී කිරිපොන්ස සහ/හෝ වයින් නිෂ්පාදනය බෝතල් ගත කිරීම සඳහා බලපත්‍රය            
4 ර.බි.1සී රා හැර පොල් හෝ පොල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදිතයකින් පෙරන ලද ස්ප්‍රීතුවලින් විදේශ ස්ප්‍රීතු මෙරට සෑදීමට දෙන බලපත්‍රය
5 ගබඩා සහ ගුදම් බලපත්‍රය
6 ඊතයිල් මධ්‍යසාර යොදා කාර්මික නිෂ්පාදන සැකසීම සඳහා දෙනු ලබන බලපත්‍රය
7 පදම් කළ / ඉක්ෂුපාක / තල් / විශේෂ / පොල් අරක්කු නිෂ්පාදනය සහ විකිණීම සඳහා සහ / හෝ නිෂ්පාදනය සහ තොග වෙළඳ සල් වලට නිකුත් කිරීම සඳහා දෙන බලපත්‍රය
8 ඩී 1 ස්කාගාර බලපත්‍රය
9 විනාකිරි නිෂ්පාදන බලපත්‍රය
10 රා බෝතල් ගත කිරීමේ බලපත්‍රය
11 රා එකතු කිරීමේ ස්ථාන බලපත්‍රය
12 ‍මත්පැන් බෝතල්ගත කිරීම සඳහා බලපත්‍රය
13 පැසුණු කිතුල් රා නිෂ්පාදනය කර විකිණීමේ බලපත්‍රය
14 ටී සයිඩර් නිෂ්පාදනය සඳහා දෙන බලපත්‍රය
15 ර.බි.3 මත්පැන් තොග වෙළඳ බලපත්‍රය
16 ර.බි.4 මත්පැන් සිල්ලරට විකුණුම් බලපත්‍රය
17 ර.බි.5 රටබීම තැබෑරුම් බලපත්‍රය
18 ර.බි.7 හෝටල් බලපත්‍රය
19 ර.බි.8 හෝටල් පීඨිකා බලපත්‍රය
20 ර.බි.9 සිනමාශාලා විනෝද පීඨිකා බලපත්‍රය
21 ර.බි.10 දුම්රිය භෝජනාගාර බලපත්‍රය
22 ර.බි.11 ආපනශාලා/ භෝජනාගාර බලපත්‍රය
23 ර.බි.12 තානායම් බලපත්‍රය
24 ර.බි.13 හිමිකාර සමාජ ශාලා බලපත්‍රය
25 ර.බි.13ඒ සාමාජිකයන්ගේ ක්‍රීඩා සමාජ / සමාජශාලා බලපත්‍රය
26 ර.බි.එ14 අවස්ථා බලපත්‍රය
27 ර.බි.15 විකුණන වේලාවන් දීර්ඝ කිරීම සදහා දෙන අතිරේක බලපත්‍රය
28 ර.බි.16 වෙන්දේසි කරුවන්ගේ බලපත්‍රය
29 ර.බි.17 පරිපාක ස්ප්‍රීතු විකිණීමේ බලපත්‍රය
30 ර.බි.18 ඖෂධීය වයින් බලපත්‍රය
31 ර.බි.22ඒ බියර්, ඒල්, ස්ටුවට් සහ වයින් සිල්ලර‍ට විකිණිමේ බලපත්‍රය
32 ර.බි.22බී බියර්, ඒල්, ස්ටුවට් සහ වයින් ස්ථානීය පරිභෝජනය සදහා බලපත්‍රය
33 අ.නි.6 නිෂ්පාදකයින්ගේ තොග වෙළඳ අරක්කු / බියර් / විදේශීය මත්පැන් බෙදාහැරීමේ බලපත්‍රය
34 වයින් ස්ප්‍රීතු විකිණීමේ බලපත්‍රය
35 ටෙන්ඩර් මගින් විකුණනු ලබන රා තැබෑරුම් බලපත්‍රය
36 වතු කැන්ටින් ( රා/ අරක්කු) බලපත්‍රය
37 හෝටල් සදහා තුන් අවුරුදු විශේෂ අනුමැතීය (බුටික් විලා)
38 ඒ.(එෆ්.එල්.)1 ඒ.(එෆ්.එල්.)2 ඒ.(එෆ්.එල්.)3 ඒ.(එෆ්.එල්.)4 විදේශ මත්පැන් විකිණීමේ බලපත්‍ර මත නිකුත් කරන අරක්කු විකිණීමේ උපාංගික බලපත්‍රය
39 බෝ.රා. 1 බෝතල් රා විකිණීමේ උපාංගික බලපත්‍රය
40 පානීය නොවන ස්ප්‍රීතු ආනයනය සහ ළඟ තබා ගැනීම සඳහා දෙනු ලබන බලපත්‍රය
41 මත්පැන් අපනයනය සඳහා වූ අවසර පත්‍රය

මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර සඳහා වන අයැදුම් පත්‍ර ගාස්තුව කුමක්ද?

මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර සම්බන්ධයෙන් නිකුත් කරන ලද අංක 983 දරන සුරාබදු නිවේදනයට අනුව මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රයක් ලබාගැනීම සඳහා වන අයැදුම් පත්‍ර ගාස්තුව රු. 10,000.00 කි.

මත්පැන් ප්‍රවාහනය කිරීම සඳහා වූ සුරාබදු අවසර පත්‍ර සඳහා වන ගාස්තුව කුමක්ද?

මත්පැන් ප්‍රවාහනය කිරීම සඳහා වූ සුරාබදු අවසර පත්‍ර ගාස්තු අයකිරීමකින් තොරව නිකුත් කරනු ලබයි.

මත්පැන් විකිණීමේ බලපත්‍ර ලත් ස්ථාන විවෘත කර තැබෙන වේලාවන් මොනවාද?

2018.01.18 දිනැතිව නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2054/41 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත සුරාබදු නිවේදන අංක 03/2018 පරිදි මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථානයන් එකී මත්පැන් විකිණීමේ කාර්යය සදහා විවෘත කර තැබිය යුතු අනුමත වේලාවන් ඒ ඒ බලපත්‍ර වර්ගය අනුව පහත දැක්වේ.

අනු අංකය බලපත්‍ර වර්ගය බලපත්‍රයේ නම විවෘතව තබන වේලාවන්
1 රබි 4 මත්පැන් සිල්ලරට විකුණුම් බලපත්‍රය

පෙ.ව. 08.00 - .ව. 08.00 හෝ

පෙ.ව. 09.00 - .ව. 09.00

2 රබි 5

රටබීම තැබෑරුම් බලපත්‍රය

හා පීඨිකා

පෙ.ව. 11.00 - .ව. 2.00

සහ 

.ව. 05.00 - .ව. 8.00

4 රබි 7/8 හෝටල් බලපත්‍රය (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත)

පෙ.ව. 11.00 - .ව. 2.00

සහ

.ව. 05.00 - .ව. 11.00

5 රබි 7/8 හෝටල් හා හෝටල් පීඨිකා බලපත්‍රය (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත)

පෙ.ව. 10.00 -  රාත්‍රී 12.00

6 රබි 9 සිනමාශාලා විනෝද පීඨිකා බලපත්‍රය

පෙ.ව. 11.00 - .ව. 1.00

සහ

.ව. 5.00 - .ව. 11.00

(සිනමා දර්ශණ තිරගත වන අවස්ථා වලදී  පමණි.)

7 රබි 10 දුම්රිය භෝජනාගාර බලපත්‍රය

පෙ.ව. 11.00 - .ව. 2.00

සහ

.ව. 5.00 - .ව. 8.00

8 රබි 11 ආපනශාලා (සංචාරක මණ්ඩල අනුමත) භෝජනාගාර බලපත්‍රය

පෙ.ව. 11.00 - .ව. 2.00

සහ

.ව. 5.00 - .ව. 11.00

9 රබි 11 ආපනශාලා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) භෝජනාගාර බලපත්‍රය

පෙ.ව. 11.00 - .ව. 2.00

සහ

.ව. 5.00 - .ව. 10.00

10 රබි 12 තානායම් බලපත්‍රය

පෙ.ව. 11.00 - .ව. 11.00

11 රබි 13 හිමිකාර සමාජ ශාලා බලපත්‍රය

පෙ.ව. 11.00- .2.00

සහ

.ව. 5.00 - .11.00

12 රබි 13 සාමාජිකයන්ගේ ක්‍රීඩා සමාජ / සමාජශාලා  බලපත්‍රය

පෙ.ව. 11.00 - .ව. 2.00

සහ

.ව. 5.00 - .11.00

13 ර.බි.22ඒ බියර්, ඒල්, ස්ටුවට් සහ වයින් සිල්ලර‍ට  විකිණිමේ බලපත්‍රය

පෙ.ව. 08.00- .ව. 8.00

සහ

පෙ.ව. 09.00-ප.ව. 9.00

14 ර.බි.22බී

බියර්, ඒල්, ස්ටුවට් සහ වයින් ස්ථානීය පරිභෝජනය සදහා බලපත්‍රය (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත)

පෙ.ව. 11.00- .ව. 2.00

සහ

.ව. 5.00 - .ව. 10.00

15 ර.බි.22බී බියර්, ඒල්, ස්ටුවට් සහ වයින් ස්ථානීය පරිභෝජනය සදහා බලපත්‍රය (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත)

පෙ.ව. 11.00- .ව. 2.00

සහ

.ව. 5.00 - .ව. 11.00

16 ටෙන්ඩර් මගින් විකුණනු ලබන  රා තැබෑරුම් බලපත්‍රය

පෙ.ව. 11.00- .ව. 2.00

සහ

.ව. 5.00 - .ව. 8.00

සමහර දිනයන්හිදී මත්පැන් විකිණීම තහනම් කොට තිබේද ?

මත්පැන් විකිණීම සදහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමේ දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ. ඒ අනුව 2018.12.21 දිනැතිව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ලිපිය මගින් 2018 වර්ෂය සදහා මත්පැන් විකිණීම සදහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට නියමිත දිනයන් දක්වා තිබේ.


තවද අවස්ථාවෝචිත පරිදි විවිධ හේතුන් මත මත්පැන් විකිණීම සදහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට අවශ්‍ය වන අවස්ථාවන්හිදී එසේ කිරීම සදහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ ඒ ප්‍රදේශවලට හෝ මුළු දිවයිනටම අදාළ වන පරිද්දෙන් නියෝග නිකුත් කරනු ලබන අතර ඒවා සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරණයක් ලබාදීමට ද ක්‍රියා කරනු ඇත.

මත්පැන් විකිණීම සදහා වූ අවස්ථා බලපත්‍රයක් (සුරාබදු ර.බී. 14) ලබාගැනීමට අවශ්‍ය වන දෑ මොනවාද?

මහජනයා සදහා සංවිධානය කරනු ලබන විශේෂ උත්සව ඇතුළු අවස්ථාවන් සම්බන්ධයෙන් මත්පැන් විකිණීම සදහා නිකුත් කරනු ලබන අවස්ථා බලපත්‍රයක් (සුරාබදු ර.බී. 14) අවස්ථා බලපත්‍රයක් ලබා ගැනීම පිණිස අවශ්‍ය වන ලේඛන පහත දැක්වේ.

උත්සවය පැවැත්වීමට නියමිත ඉඩමෙහි නැතහොත් පරිශ්‍රයෙ‍හි අයිති කරුගෙන් ලබාගත් කැමැත්ත ප්‍රකාශ කිරීමෙහි ලිපිය. එයට අමතරව එම ලිපියෙහි අදාළ උත්සවය අවස්ථාවේදී එම ස්ථානයෙහි මත් පැන් විකිණීම සදහා අයිතිකරුගේ විරෝධයක් නොමැති බවට නිශ්චිත ප්‍රකාශයක් ද තිබිය යුතුය. (පාසැල්වලට අදාළ ක්රිඩා පිටිටනිවල හෝ ගොඩනැගිලි තුළ පැවැත්වනු ලබන උත්සව සදහා මෙම අවස්ථා බලපත්‍ර නිකුත් නොකරන බව සැලකිල්ලට ගත යුතුය).

  1. උත්සවය පැවැත්වීමට නියමිත ඉඩම හෝ පරිශ්‍රය පිළිබඳව අදාළ සුරාබදු ස්ථානාධිපති හා සුරාබදු අධිකාරීවරයා ගේ නිර්දේශයන්
  2. එකි ඉඩමට හෝ පරිශ්‍රයට අදාළව අයැදුම් කරනු ලබන අවස්ථාව වෙනුවෙන් මත්පැන් විකිණීම සදහා වූ අවස්ථා බලපත්‍රයක් නිකුත් කිරීමෙන් ප්‍රදේශයේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සදහා අහිතකර බලපෑමක් නොවන බවට ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලබා ගත් නිර්දේශය
  3. ඉල්ලා සිටිනු ලබන මත්පැන් විකිණීම සදහා වූ අවස්ථා බලපත්‍රය යටතේ මත්පැන් විකිණීමෙන් ලැබෙන ලාභය බෙදී යන ආකාරය දැක්වෙන ලිපියක්. මෙහිදී එකී ලාභය කිසියම් ආයතනයක සුබ සාධනය සදහා යොදවා ගත යුතුය.එකී මුදල් බාර ගැනිමට අදාළ ආයතනයෙහි කැමැත්ත දැක්වෙන ලිපියක් ද යා කොට තිබිය යුතුය.
  4. අදාළනිර්දේශයන්සම්බන්ධයෙන්තමන්සෑහීමකටපත්වනවිටදීඅවස්ථාබලපත්රයක්නිකුත්කරනලෙසටඑම ප්‍රදේශයේ සහකාර සුරාබදු කොමසාරිස්වරයා විසින් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත නිර්දේශ කරනු ඇත. එවිට   ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම බලපත්‍රය නිකුත් කරනු ලබයි. සුරාබදු නිවේදන අංක 1004 ට අනුව මෙම බලපත්‍රය සදහා එක් දිනකට අයකරනු ලබන බලපත්‍ර ගාස්තුව රු. 25,000.00 කි.
  5. තවද මෙම බලපත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් සති 6 ක් ඇතුළත මිලට ගත් මත්පැන් ප්‍රමාණය හා ඉන් විකුණන ලද මත්පැන් ප්‍රමාණය ඇතුලත් විස්තර දැක්වෙන වාර්තාවක් අදාළ ප්‍රදේශයේ සහකාර සුරාබදු කොමසාරිස්වරයා වෙත ලබා දිය යුතුය.

මත්පැන් විකිණීම සදහා වූ සුරාබදු බලපත්‍රයක් ස්ථාන මාරු කිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා මොනවාද?

1. කිසියම් මත්පැන් විකිණීම සදහා බලපත්‍රයක් ස්ථාන මාරු කළ හැක්කේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පමණි.

2. මත්පැන් විකිණීම සදහා වූ සුරාබදු බලපත්‍රයක් ස්ථාන මාරු කිරීම සදහා ඉල්ලීම් කිරීමේදී ඒ සදහා රු. 10,000.00 ක ගාස්තුවක් ගෙවා ඉල්ලුම් පත්‍රයක් ලබා ගත යුතුය.

3. සිය සුරාබදු බලපත්‍රය මාරු කිරීමට හේතු පාදක වූ කරුණු අදාළ බලපත්‍රධාරියා විසින් සනාථ කළ යුතුය.

4. බලපත්‍රලත් ස්ථානය අළුතින් පිහිටුවීමට අදහස් කරන ස්ථානයේ සිට පාසැල් හා පූජනීය ස්ථාන සදහා තිබිය යුතු අවම දුර ප්‍රමාණයන් පිළිබඳව අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ යුතුය.

මත්පැන් විකිණීම සඳහා සතු වූ සුරාබදු බලපත්‍රය කාලය දීර්ඝ කරවා ගත හැක්කේ / අළුත් කරවා ගත හැක්කේ කෙසේද?

සෑම සුරාබදු බලපත්‍රයක්ම වාර්ෂිකව එහි වලංගු කාලය අළුත් කරවා ගැනීමට යටත්වේ. මෙම වලංගු කාලය අළුත් කරවා ගැනීමට නියමිත කාලය සාමාන්‍යයෙන් එක් ලිත් වර්ෂයකි. ඒ සදහා රු.10,000.00 ක අයදුම්පත්‍ර ගාස්තුවක් බලපත්‍රලත් ස්ථානය පිහිටි අදාළ සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලයට ගෙවා ඊට නියමිත අයදුම් පත්‍රයක් ලබා ගත යුතු අතර නිසි ලෙස පුරවන ලද අයදුම්පත්‍රය එයට අදාළ ලේඛන ආදිය ද සමග අදාළ ප්‍රදේශයෙහි සුරාබදු ස්ථානාධිපති වෙත ඉදිරිපත් කල යුතුය. ඉන් පසු සුරාබදු පරීක්‍ෂක, සුරාබදු ස්ථානාධිපති, සුරාබදු අධිකාරි හා සහකාර සුරාබදු කොමසාරිස් යන අයවඵන්ගේ නිර්දේශයන් ද සහිතව එම අයදුම්පත් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන කාර්යාලය වෙත යොමු කල යුතුවේ. එකී අයැදුම්පත්‍රය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි විටදී අදාළ මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රය අයැදුම් කරනු ලබන වර්ෂයට නිකුත් කිරීමේ නියෝගයක් අදාල ප්‍රාදේශීය ලේකම් වෙත නිකුත් කරනු ලැබේ.

මෙරට නිපදවනු ලබන හෝ මෙරටට ආනයනය කරනු ලබන මත්පැන්වල තත්ත්වය ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අධීක්‍ෂණය කරනු ලබන්නේද?

  ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන මත්පැන් සම්බන්ධයෙන් වූ විට එකී නිෂ්පාදනාගාරවල ස්ථිරවම පිහිටුවා ඇති සුරාබදු ඒකක වලට අන්තර් ග්‍රහණය කර ඇති සුරාබදු නිලධාරීන් විසින් එකී නිෂ්පාදනාගාරයන්හි නිපදවනු ලබන මත්පැන් වල නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩවම අධීක්‍ෂණය කරනු ලැබේ. සමස්ත මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය පුරා තත්ත්ව පාලනය සම්බන්ධයෙන් මූලික පරීක්ෂාවන් ගණනාවක් සිදු කරනු ලබන අතර, එයට අමතරව ඔවුන් විසින් එම මත්පැන් සම්බන්ධයෙන් ලබා ගන්නා ලද නිදර්ශක රජයේ රස පරීක්‍ෂකවරයාට යොමු කොට විශ්ලේෂණ වාර්තාවන් කැදවනු ලබයි. මෙම පරීක්ෂාවන් හා විශ්ලේෂණ වාර්තා මගින් හෙළිදරව් වන කරුණු මත සුදුසු නියෝග ලබාදීම මගින් සුරාබදු නිළධාරීන් විසින් එකී නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව නියාමනය කරනු ලබයි.

   ශ්‍රී ලංකාව තුළට ආනයනය කරනු ලබන මත්පැන් සම්බන්ධයෙන් වූ විට එම මත්පැන් වානිජ පදනම මත ආනයනය කිරීමට පෙරාතුව එසේ ආනයනය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයින්/ ආයතන විසින් සෙසු සුදුසුකම් සනාථ කිරීමේ ලේඛණවලට අමතරව එකී මත්පැන් වල නිදර්ශක ද සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කල යුතුය. එවිට සුරාබදු දෙපාර්තමේන්තුව එම නිදර්ශක මත රජයේ රස පරීක්ෂක වෙතින් ලබාගන්නා විශ්ලේෂණ වාර්තාව සම්බන්ධයෙන් සෑහීමට පත්වන විටදී අදාළ මත්පැන් ආනයනය කිරීමට අවසර ලබාදෙයි.

මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථානවල විකිණීමට ඇති මත්පැන්වලට ස්ථිර මිලක් නියම කර තිබේද?

විවෘත වෙල ද ප්‍රතිපත්තියට අනුව යමින් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථානවල විකිණීමට ඇති මත්පැන් සදහා පාලන මිලක් නියම කර නොමැත. එසේද වුවත් ඒ ඒ මත්පැන් නිෂ්පාදකයින් නැතහොත් මත්පැන් තොග අලෙවිකරුවන් විසින් ඒ ඒ මත්පැන් බෝතල් මත මිල ගණන් දක්වා තිබිය යුතු අතර එම මිල ගණන්වලට එකී මත්පැන් අළෙවි කල යුතුය. එකී මත්පැන් මිල ගණන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථානය තුළද ප්‍රදර්ශනය කර තැබිය යුතුවේ. ස්ථානීය පරිභෝජනය සදහා මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථානවලදී එම විකුණුම් මිල ප්‍රදර්ශනය කිරීම නැතහොත් මෙනු පතෙහි සදහන් කිරීම සිදුකල යුතුවේ.

මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථානවල පවත්වා ගත යුතු පොත් තැබීමේ (ගිණුම් තැබීමේ) ක්‍රමවේදයක් පවතීද?

ඔව්, මත්පැන් විකිණීම සඳහා වූ විවිධ සුරාබදු බලපත්‍ර ලත් ස්ථානවල විකිණීම පිණිස තබා ඇති සුරාබද්දට යටත් ද්‍රව්‍යවල තොග වෙනස්වීම් සහ ඒවායේ දෙනික වෙළදාම සම්බන්ධයෙන් නිශ්චිතව නියම කරන ලද ආකෘති භාවිතා කරමින් පවත්වා ගතයුතු පොත් තැබීමේ (ගිණුම් තැබීමේ) ක්‍රමවේදයක් පවතී. එම ගිණුම් සුරාබදු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට භාජනය කරනු ලැබේ. 

සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරීමේ වර්තමාන ක්‍රමවේදය කුමක්ද?

මත්පැන් විකිණීම සදහා වූ සුරාබදු බලපත්‍ර වර්තමානයෙහි දී නිකුත් කරනු නොලැබේ. එසේද වුවත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද හා මත්පැන් බලපත්‍ර ලබාදීම සදහා නිර්දේශ කරන ලද සංචාරක හෝටල ආදිය සම්බන්ධයෙන් පමණක් පහත සඳහන් විශේෂිත බලපත්‍ර කාණ්ඩයන් යටතේ පමණක් මත්පැන් විකිණීම සදහා නව බලපත්‍ර නිකුත් කරනු ලැබේ..


  1. -ර.බී. 7/8 හෝටල් හා පිඨිකා බලපත්‍රය
  2. -ර.බී. 11 ආපනශාලා බලපත්‍රය
  3. -ර.බී. 12 තානායම් බලපත්‍රය
  4. -ර.බී. 22 B බියර් ස්ථානීය පරිභෝජන බලපත්‍රය
  5. -මත්පැන් අළෙවිය සදහා වූ විශේෂ තුන් අවුරුදු අනුමැතිය

(මෙම සියළු බලපත්‍ර සදහා සංචාරක සංචාරක ප්‍රවර්ධන අධිකාරියෙහි අනුමැතිය ලබා තිබීම පූර්ව අවශ්‍යතාවයකි.)

ඉහත බලපත්‍ර සදහා අයැදුම්කිරීමට අපේක්ෂා කරන්නන් එකී බලපත්‍ර වර්ගය සඳහා වූ සංචාරක මණ්ඩලයේ නිර්දේශය සහිත ලිපියේ පිටපතක් හා සමාගම් ලියාපදිංචි සහතිකයේ හෝ ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක් සමඟ නව බලපත්‍රයක් ඉල්ලීමේ ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් පසුව රු.10,000/-ක ගාස්තුවක් ගෙවා නියමිත ආකෘතියේ අයදුම් පත්‍රයක් ලබාගත යුතුය.

එකී අයදුම් පත්‍රය නිසියාකාරව සම්පූර්ණ කර එමගින් ඉල්ලා සිටිනු ලබන අනෙකුත් ලේඛන (මිනුන්දෝරු වාර්තාව, ඔප්පුව හෝ බදු ගිවිසුමේ) ද සමඟ අදාල සුරාබදු ස්ථානාධිපතිගේ, සුරාබදු අධිකාරිගේ හා සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිර්දේශ සමඟ සුරාබදු ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.

එකී නිර්දේශ අනුව සෑහීමකට පත්වන විටදී අදාල ප්‍රාදේශීය ලේකම්ගේ හා පොලිස් ස්ථානාධිපතිගේ වාර්තා කැඳවීමට ක්‍රියාකරනු ලැබේ. එම වාර්තාවන් සම්බන්ධයෙන් ද සෑහීමකට පත්වන විටදී පමණක් සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට අදාළව තත්කාලයෙහි දී බලපවත්නාවූ ප්‍රතිපත්තීන් ට අනුකූලව හා සුරාබදු නිවේදන අංක 902 ට අනුව අදාළ සුරාබදු බලපත්‍රය නිකුත් කරන ලෙසට දන්වමින් ප්‍රාදේශීය ලේකම් වෙත ලිපියක් යොමු කරනු ලබයි. අනතුරුව නියමිත බලපත්‍ර ගාස්තු හා වෙනත් යම් අයකිරීමක් ඇත්නම් එය ද ගෙවීමට යටත්ව ප්‍රාදේශීය ලේකම් විසින් බලපත්‍ර නිකුත් කරනු ලබයි.

  1. 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පනත
  2. 2008 අංක 1 දරන මාදක ඖෂධ සහ මනෝ වර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන අණ පනත් මොනවාද?

1. 1912 අංක 8 දරන සුරාබදු ආඥා පනත හා එහි සංශෝධනයන්.

2. 1999 අංක 8 දරන දුම්කොළ බදු පනත හා එහි සංශෝධනයන්.

3. 1929 අංක 17 දරණ විෂ වර්ග, අබිං හා අන්තරාදායක ඖෂධ ආඥා පනත හා එහි සංශෝධනයන්.

4. 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පනත.

5. 2008 අංක 1 දරන මාදක ඖෂධ සහ මනෝ වර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ තොරතුරු:

ලිපිනය : නො.353, කොට්ටේ පාර, රාජගිරිය

දුරකථන අංක : 011-204-5000

වෙබ් අඩවිය : www.excise.gov.lk

විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සුරාබදු දෙපාර්තමේන්තු වෙඩ් අඩවියෙන් ලබාගත හැකි තොරතුරු මොනවාද?

  • වාර්ෂික කාර්ය සාධන වාර්තා
  • සුරාබදු චක්‍රලේඛ හා සුරාබදු නිවේදන
  • නිතර අසන ප්‍රශ්න හා පිළිතුරු
  • දෙපාර්තනේතුවේ නිළධාරීන් හා කාර්යාල සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයන්
  • දෙපාර්තමේන්තුවේ කාර්යයන් , ආයතනික ව්‍යුහය හා කාර්ය මණ්ඩලය පිළිබද විස්තර
  • දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන විවිධ බලපත්‍ර වර්ග
  • දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හා ප්‍රාදේශීය කාර්යාල පිළිබද තොරතුරු
  • දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබද ප්‍රවෘත්ති හා නිවේදන
  • විවිධ අයැදුම්පත්‍ර ආකෘති
  • අචල හා සචල රූප ගැලරිය

සුරා අපරාධ සම්බන්ධ හදිසි තොරතුරු (ඔත්තු/පැමිණිලි) ලබාදිය හැකි දුරකථන අංක මොනවාද?

 

 සුරාබදු කොමසාරිස් ජනරාල් - 011-20-45043

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) – 011-20-45084

සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය - කොළඹ - (දිවයින පුරා සුරා අපරාධ පිළිබඳව) -011-28-18476

දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය - (දකුණු පළාත තුල සුරා අපරාධ පිළිබඳව) - 091-22-35422

වයඹ පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය - (වයඹ පළාත තුල සුරා අපරාධ පිළිබඳව) - 037-22-33164

මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය - (මධ්‍යම පළාත තුල සුරා අපරාධ පිළිබඳව) - 081-22-38383

උතුරු මැද පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය - (උතුරු මැද හා උතුරු පළාත තුල සුරා අපරාධ පිළිබඳව) - 025-22-21797

 

සුරාබදු ආඥා පනත යටතට ගැනෙන වැරදි සඳහා වන දඩුවම් මොනවාද?

සුරාබදු (සංශෝධන) ආඥා පණත් මගින් කලින් කලට සංශෝධිත වූ 1912 අංක 08 දරණ සුරාබදු ආඥා පනත යටතට ගැණෙන වැරැදි හා එම වැරැදි සදහා නියමිත දඩුවම් පහත දැක්වේ.


සුරාබදු ආඥා පණත යටතට ගැණෙන වැරැදි හා ඒ මත පණවනු ලැබිය හැකි දඩුවම් වරද කඩකරනු ලබන වගන්තිය දඩුවම් පමුණුවන වගන්තිය දඩුවම

වරද කඩකරනු ලබන වගන්තිය දඩුවම් පමුණුවන වගන්තිය දඩුවම

ගෙවීමට නියමිත සුරාබදු, රේගු හෝ වෙනත් බදු නොගෙවා හෝ ඒ පිළිබද බැදුම්කරයකට යටත් නොවී සුරාබද්දට යටත් ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම

10 වන වගන්තිය

46 (අ) වගන්තිය

එක් අවුරුද්දක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමට හෝ රු. එක් ලක්‍ෂයක් නොඉක්මවන දඩයතට හෝ එම දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතු අතර, වරදකරු කරනු ලැබීමෙන් පසුවද එම වරද දිගටම කරනු ලබන අවස්ථාවකදි එසේ වරද කරනු ලබන එක් එක් දිනය සදහා එක් දිනටකට රුපියල් දසසහසතට වැඩිපුර දඩයකටද යටත් විය යුතුය.

නියමිත සුරාබදු හෝ රේගු බදු නොගෙවා හෝ ඒ පිළිබද බැදුම්කරයකට යටත් නොවී සුරාබද්දට යටත් ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම

11 වන වගන්තිය

46 (අ) වගන්තිය

- එම -

ප්‍රකාශිත සීමාව ඉක්මවා බලපත්‍රයක් නොමැතිව සුරාබද්දට යටත් ද්‍රව්‍ය ආනයනය

13 වන වගන්තිය

46 (අ) වගන්තිය

- එම -

ප්‍රකාශිත සීමාව ඉක්මවා බලපත්‍රයක් නොමැතිව සුරාබද්දට යටත් ද්‍රව්‍ය අපනයනය

13 වන වගන්තිය

46 (අ) වගන්තිය

- එම -

ප්‍රකාශිත සීමාව ඉක්මවා බලපත්‍රයක් නොමැතිව සුරාබද්දට යටත් ද්‍රව්‍ය ප්‍රවාහනය

13 වන වගන්තිය

46 (අ) වගන්තිය

- එම -

බලපත්රයක් නොමැතිව කිසියම් සුරාබද්දට යටත් ද්‍රව්‍යයක් නිෂ්පාදනය කිරීම

15 (අ) වන වගන්තිය

46 (ආ) වගන්තිය

මාස 6 කට නොඅඩු හා අවුරුදු 5ක් නොඉක්මවන කාලයකට හෝ දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමට හෝ රු. එක් ලක්‍ෂයක් නොඉක්මවන දඩයකට හෝ එම බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දෙකටම හෝ ඔහු යටත් විය යුතු අතර එසේ වරද කරු කරනු ලැබීමෙන් පසුවද මෙයින් දඩුවම් පනවනු ලබන වරද දිගටම කරනු ලබන අවස්ථාවකදී එසේ වරද දිගටම කරනු ලබන එක් එක් දිනය සඳහා දිනයකට රුපියල් පහලොස් දහසක වැඩිපුර දඩයකට ද ඔහු යටත් විය යුතුය.

බලපත්රයක් නොමැතිව කිතුල් ගස් හැර රා නිපදවන කිසියම් ගසක් මැදීම

15 (ආ) වන වගන්තිය

46 (ඇ) වගන්තිය

එක් අවුරුද්දක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමට හෝ රු. එක් ලක්‍ෂයක් නොඉක්මවන දඩයතට හෝ එම දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතු අතර, වරදකරු කරනු ලැබීමෙන් පසුවද එම වරද දිගටම කරනු ලබන අවස්ථාවකදි එසේ වරද කරනු ලබන එක් එක් දිනය සදහා එක් දිනටකට රුපියල් දසසහසතට වැඩිපුර දඩයකටද යටත් විය යුතුය.

බලපත්රයක් නොමැතිව කිතුල් ගස් හැර වෙනත් කිසියම් ගසකින් රා බෑම

15 (ඇ) වන වගන්තිය

46 (ඈ) වගන්තිය

- එම -

බලපත්රයක් නොමැතිව බෘවරියක් මත්පැන් නිෂ්පාදනාගාරයක් හෝ ගුදමක් පිහිටුවීම හෝ ක්‍රියාත්මක කිරීම

­­­­­

15 (ඈ) වන වගන්තිය

46 (ඉ) වගන්තිය

- එම -

බලපත්රයක් නොමැතිව කිසිම තැනැත්තෙකු විසින් රා හැර වෙනත් යම් සුරාබද්දට යටත් ද්‍රව්‍යයක් නිපදවීම සදහා කිසියම් උපකරණයක් පාවිච්චි කිරීම තබා ගැනීම නැතහොත්, දුව්‍යයක්, භාජන, උපකරණ, ආම්පන්න සන්තකයේ තබා ගැනීම

15 (ඉ) වන වගන්තිය

46 (ඊ) වගන්තිය

- එම -

බලපත්රයක් නොමැතිව වෙළදාම සඳහා මත්පැන් බෝතල්වලට පිරවීම

15 () වන වගන්තිය

46 (ඌ) වගන්තිය

- එම -

සිල්ලරට විකිණීමේ අනුමත සීමාව ඉක්මවා බලපත්‍රයක් නොමැතිව සුරා බද්දට යටත් ද්‍රව්‍ය සතුව සිටීම

17 වන වගන්තිය

46 (අ) වගන්තිය

- එම -

බලපත්‍රයක් නොමැතිව සුරා බද්දට යටත් ද්‍රව්‍ය විකිණීම, විකිණීම සදහා සතුව සිටීම නැතහොත් විකිණීම සදහා ප්‍රදර්ශනය කිරීම

18 වන වගන්තිය

46 (අ) වගන්තිය

- එම -

සුරාබදු නිලධාරියෙකු වාහනයක් නතර කිරීම සදහා වාචිකව, කායිකව හෝ කරනු ලබන සංඥාවකින් අවනත නොවී රථ වාහන නොනැවැත්වීම

35 (2) වන වගන්තිය

35 (2) වන වගන්තිය

රු. පන්දහසකට නොඅඩු හා රු. විසි දහසකට නොවැඩි දඩයකට යටත් වන අතර, එසේ නොගෙවා පැහැර හරින්නේ නම් මාස දෙකක් දක්වා වූ ලිහිල් සිර දඩුවමකට යටත් වේ.

තමන් විසින් අයිතිය හෝ හිමිකම් දරන ඉඩම්වල සිටින සියළුම ඉඩම් හිමියන්, බදුකරුවන් අතුරු බදුකරුවන් හා ගොවීන් සිය ඉඩම ඇතුලත මේ ආඥා පනත යටතේ බලපත්‍ර දෙනු නොලැබූ සුරාබද්දට යටත් යම් භාණ්ඩයක් නිෂ්පාදනය අවසර නොමැතිව ගබඩා කිරීම හෝ විකිණීම සිදුවන්නේ නම් ඒ බව නිසි බලධාරීන්ට දැන්වීමට අපොහොසත් වීම

43 (අ) වන වගන්තිය

50 වන වගන්තිය

රුපියල් දහසකට නොඅඩු සහ රුපියල් පහලොස් දහසකට නොවැඩි දඩයකට හෝ එම දඩය ගෙවීමට අපොහොසත් වන විටදී මාස හයක් දක්වා වූ කාලයකට හා බන්ධනාගාරගත කිරීම යන දඩුවම් වලට යටත් විය යුතුය.

යම් ඉඩමක ඇති තාල වර්ගයේ ගස්වලින් ලැබෙන ඵලදාව හෝ එම ගස් මැද ගැනීමට අයිතියක් ඇති සියළුම පුද්ගලයින් විසින් සිය ඉඩම ඇතුලත මේ ආඥා පනත යටතේ බලපත්‍ර දෙනු නොලැබූ සුරාබද්දට යටත් යම් භාණ්ඩයක් අවසර නොමැතිව කරනු ලබන යම් ගබඩා කිරීම හෝ විකිණීම සිදුවන්නේ නම් හෝ ඒ බව දැනගත් වහාම නිසි බලධාරීන්ට දැන්වීමට අපොහොසත් වීම

43 (ආ) වන වගන්තිය

50 වන වගන්තිය

රුපියල් දහසකට නොඅඩු සහ රුපියල් පහලොස් දහසකට නොවැඩි දඩයකට හෝ එම දඩය ගෙවීමට අපොහොසත් වන විටදී මාස හයක් දක්වා වූ කාලයකට හා බන්ධනාගාරගත කිරීම යන දඩුවම් වලට යටත් විය යුතුය.

සියළුම ග්‍රාම සේවක නිලධාරීන් විසින් සිය බල දේශය තුළ මේ ආඥා පනත යටතේ බලපත්‍ර දෙනු නොලැබූ සුරාබද්දට යටත් යම් භාණ්ඩයක් නිෂ්පාදනය අවසර නොමැතිව කරනු ලබන යම් ගබඩා කිරීම හෝ විකිණීම සිදුවන්නේ නම් හෝ ඒ බව දැනගත් වහාම නිසි බලධාරීන්ට දැන්වීමට අපොහොසත් වීම

43 (ඇ) වන වගන්තිය

50 වන වගන්තිය

රුපියල් දහසකට නොඅඩු සහ රුපියල් පහලොස් දහසකට නොවැඩි දඩයකට හෝ එම දඩය ගෙවීමට අපොහොසත් වන විටදී මාස හයක් දක්වා වූ කාලයකට හා බන්ධනාගාරගත කිරීම යන දඩුවම් වලට යටත් විය යුතුය.

නීති විරෝධී ලෙස ආනයනය කරන ලද නැතහොත් නිෂ්පාදනය කරන ලද හෝ ඒ මත නියමිත බද්ද නොගෙවන ලද කිසියම්   සුරාබද්දට යටත් ද්‍රව්‍යයක් සන්තකයේ තබා ගැනීම නැතහොත් ප්‍රවාහනය කිරීම

47 (1) වන වගන්තිය

47 (1) වන වගන්තිය

එක් අවුරුද්දක් දක්වා වූ සිර දඩුවමකටත් නැතහොත් රුපියල් පන්දහසකට නොඅඩු සහ රුපියල් එක් ලක්ෂ විසි පන් දහසකට නොවැඩි දඩයකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම හෝ යටත් විය යුතුය.

සුරාබදු බලපත්‍රයක්, අවසර පත්‍රයක් නැතහොත් ප්‍රවේශ පත්‍රයක් ලබා ගෙන ඇති අයෙකු විසින් හෝ එවැන්නෙකුගේ සේවකයෙකුව සිටිමින්, සුරාබදු නිළධාරියෙකු විසින් හෝ එවැනි බලය ලත් වෙනත් නිලධාරියෙකු විසින් ඉල්ලා සිටි අවස්ථාවක එවැනි බලපත්‍රයක්, අවසර පත්‍රයක් හෝ ප්‍රවේශ පත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම

48 (අ) වන වගන්තිය

48 වන වගන්තිය

රුපියල් පන් දහසකට නොඅඩු සහ රුපියල් හය ලක්‍ෂයකට නොවැඩි දඩයකට හෝ එම දඩය ගෙවීමට අපොහොසත් වන විටදී මාස තුනක් දක්වා වූ කාලයකට හා බන්ධනාගාරගත කිරීම යන දඩුවම් වලට යටත් විය යුතුය.

සුරාබදු බලපත්‍රයක්, අවසර පත්‍රයක් නැතහොත් ප්‍රවේශ පත්‍රයක් ලබා ගෙන ඇති අයෙකු විසින් හෝ එවැන්නෙකුගේ සේවකයෙකුව සිටිමින්, 32 වැනි වගන්තිය යටතේ පනවා ඇති රීති ඕනැකමින් කඩකිරීම

48 (ආ) වන වගන්තිය

48 වන වගන්තිය

රුපියල් පන් දහසකට නොඅඩු සහ රුපියල් හය ලක්‍ෂයකට නොවැඩි දඩයකට හෝ එම දඩය ගෙවීමට අපොහොසත් වන විටදී මාස තුනක් දක්වා වූ කාලයකට හා බන්ධනාගාරගත කිරීම යන දඩුවම් වලට යටත් විය යුතුය.

සුරාබදු බලපත්‍රයක්, අවසර පත්‍රයක් නැතහොත් ප්‍රවේශ පත්‍රයක් ලබා ගෙන ඇති අයෙකු විසින් හෝ එවැන්නෙකුගේ සේවකයෙකුව සිටිමින්, මෙම ආඥා පනත යටතේ පනවා නොමැති එහෙත් බලපත්‍රයක අවසර පත්‍රයක හෝ ප්‍රවේශ පත්‍රයක අඩංගු යම් කොන්දේසි සිතාමතා ඉටු නොකිරීම, පැහැර හැරීම හෝ කඩ කිරීම

48 (ඇ) වන වගන්තිය

48 වන වගන්තිය

රුපියල් පන් දහසකට නොඅඩු සහ රුපියල් හය ලක්‍ෂයකට නොවැඩි දඩයකට හෝ එම දඩය ගෙවීමට අපොහොසත් වන විටදී මාස තුනක් දක්වා වූ කාලයකට හා බන්ධනාගාරගත කිරීම යන දඩුවම් වලට යටත් විය යුතුය.

වෙනත් වැරැදි

50 වන වගන්තිය

50 වන වගන්තිය

රුපියල් දහසකට නොඅඩු සහ රුපියල් පහලොස් දහසකට නොවැඩි දඩයකට හෝ එම දඩය ගෙවීමට අපොහොසත් වන විටදී මාස හයක් දක්වා වූ කාලයකට හා බන්ධනාගාරගත කිරීම යන දඩුවම් වලට යටත් විය යුතුය.

සුරාබදු බලපත්‍ර දරන්නන් විසින් කරනු ලබන වැරදි සඳහා වන දඩුවම් මොනවාද?

කිසියම් සුරාබදු බලපත්‍රයක් දරන්නෙකු විසින් එකි සුරාබදු බලපත්‍රයට අදාළ යම් කොන්දේසියක් හෝ සියළුම බලපත්‍රයන්ට අදාළ පොදු කොන්දේසී කඩකරමින් සිදු කරනු ලබන වරදවල් කාර්මික වරදවල් ලෙස හැදින්වේ. එවැනි කාර්මික වරදවල් සම්බන්ධයෙන් එකී බලපත්‍ර ලාභියාහට නිකුත් කර ඇති බලපත්‍රය අවසර පත්‍රය හෝ ප්‍රවේශ පත්‍රය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට යටත් විය හැකිය. එසේද වුවත් එකී බලපත්‍ර ලාභියාහට නිකුත් කර ඇති බලපත්‍රය අවසර පත්‍රය හෝ ප්‍රවේශ පත්‍රය අත්හිටුවීම හෝ අවලංගු කිරීම වෙනුවට එම බලපත්‍ර ධාරියා විසින් කරන ලද වරද සමථයකට පත් කිරීමට ක්‍රියා කළ හැකිය. එසේ වරද සමථයකට පත් කරන අවස්ථාවෙහි දී රු. 500,000 දක්වා වූ උපරිමයකට යටත්ව සිදුකරන ලද වරද සම්බන්ධයෙන් සමථ ගාස්තුවක් පැනවිය හැකිය.



FaLang translation system by Faboba